Monday, August 8, 2016

ශුද්ධ ටෙසලාකරණ (සවිධි ටෙසලාකරණ)


එක් සවිධි බහුඅස්‍රාකාර හැඩතලයක් පමණක් භාවිත කොට
පිළියෙල කළ ටෙසලාකරණ ශුද්ධ ටෙසලාකරණ නම් වේ.
ශුද්ධ ටෙසලාකරණක් ස‍ඳහා භාවිත කළ හැකි සවිධි බහුඅස්‍ර තුනක් ඇත.
එබැවින් ශුද්ධ ටෙසලාකරණ ඇත්තේ තුනක් පමණකි






Sunday, August 7, 2016

ටෙසලාකරණ වර්ග

ටෙසලාකරණ වර්ග

ටෙසලාකරණ ස‍ඳහා සවිධි බහුඅස්‍ර මෙන්ම සවිධි නොවන වෙනත් තල රූප ද යොදාගත හැකිය. 





ටෙසලාකරණ ස‍ඳහා යොදා ගන්නා සවිධි බහුඅස්‍ර කිහිපයක්


ටෙසලාකරණ ස‍ඳහා යොදා ගන්නා තල රූපවල ස්වභාවය අනුව ඒවා මෙසේ වර්ග කර දැක්විය හැකිය.

  • ශුද්ධ ටෙසලාකරණ
  • අර්ධ ශුද්ධ ටෙසලාකරණ
  • වෙනත් ටෙසලාකරණ

ටෙසලාකරණය

ටෙසලාකරණය
එක මත එක නොවැටෙන සේත් 
හිඩැස් ඇති නොවන සේත් 
යම් තලයක් මත රටාවකට අනුව 
තලරූප පිළියෙල කිරීම 
ටෙසලාකරණය නම් වේ.